Header

Sri Lanka Army

Defender of the Nation

27th January 2023 23:38:46 Hours

234 බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන පාබල සේනාංකයේ 234 වන පාබල බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් ගල්ඔය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් සිසු සිසුවියන් 77 දෙනෙකු සඳහා ලිපි ද්‍රව්‍ය, අභ්‍යාස පොත්, පෑන් පැන්සල් ආදී පාසල් උපකරණ අඩංගු වටිනාකම රු.3000.00 පමණ වන පාර්සල් තොගයක් බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (19) දින එම පාසලේ ප්‍රධාන ශාලාවේදී ක්‍රියාත්මක කරනු ලැබීය.

ගම්පහ ප්‍රදේශයේ ගුරු උපදේශකවරයෙකු වන ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා විසින් මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය දක්වන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි ගේ උපදෙස් අනුව 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ෂෙවන්ත් කුලතුංග ගේ අධීක්‍ෂණය යටතේ 234 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්දිම කුමාරසිංහ විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් කේ.ජේ.එන්.එම්.යූ.කේ නවරත්න සමඟින් 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ආර්.එන්.සී.වයි රාමනායක සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නිලධාරීන්, සෙසු නිලයින්, විදුහල්පතිතුමන් සහ පාසල් කාර්යය මණ්ඩලයේ සාමාජිකයින් කිහිප දෙනෙකු ද සහභාගී වූහ.