Header

Sri Lanka Army

Defender of the Nation

26th January 2023 19:27:00 Hours

8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ගල්කොරියක් තුළ මියගිය කම්කරුවෙකුගේ මෘත දේහය ඉවත් කරයි

දෙනන්කාව වත්ත, පේරගස් හන්දිය, යටියන්තොට ප්‍රදේශයේ ගල්කොරියක් තුළ මියගිය කම්කරුවෙකුගේ මෘත දේහය කඩිනමින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරීගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් පසුගිය අඟහරුවාදා (24) පස්වරුවේදී කටයුතු කරන ලදී.

61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහ 611 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානයේ - බටහිර යටතේ ස්ථාපිත 611 වන පාබල බලසේනාවේ භටපිරිස් විසින් කඹ ආධාරයෙන් ගල්කොරිය තුළ මියගිය කම්කරුවාගේ මෘත දේහය පිටතට ගැනීමට සමත් වූ අතර, ඒ සඳහා ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ගේ සහ සිවිල් වැසියන්ගේ සහායද හිමිවූහ.