25th January 2023 21:41:47 Hours
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ අභිමානවත් 73 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම සංවත්සර දිනය උදාවීමට ප්‍රථම (දෙසැම්බර් මස 12 දින) වැඩසටහන් මාලාවක් පැවැත්විණි.
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලකාධිපති සහ භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් ගේ අධීක්‍ෂණය යටතේ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ඒකකයේ සහයෝගය මත කොළඹ 2 පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී මෙම සැමරුම් උත්සවය සංවිධානය කරන ලදී.
මෙම සංවත්සර සැමරුමට සමගාමීව, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් අවශ්‍යතා සහිත පාසල් සිසු සිසුවියන් වෙත පොත් බෙදාදීම, ‘බ්ලූබෙල් නයිට් - 2022’ (Bluebell Night – 2022) සංගීත සංදර්ශනය පැවැත්වීම, භික්ෂූන් වහන්සේලා 15 නමක් උදෙසා දානය පූජාකිරීම, වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීම, දිවංගත රණවිරුවන්ට පුෂ්පෝපහාර පුදකිරීම, පවුල්වල සුහද හමුව සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මෝටර් රථ තාක්‍ෂණ අංශයේ අභිනවයෙන් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම වැනි අංගයන් කිහිපයක් ක්‍රියාත්මක කරනු ලැබීය.
සංවත්සර දිනයේදී, එම බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව සිය රෙජමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් වෙත ආරක්‍ෂක මුරයේ සහ ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පුදකරන ලදී.
සංවත්සර සැමරුමේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.