25th January 2023 21:59:17 Hours
අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ඉකුත් අඟහරුවාදා (24) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනයේ සංචාරයක නිරත වෙමින් එහි මෙහෙයුම්, පුහුණු සහ පරිපාලන අංශ පිළිබඳ නිරීක්‍ෂණය කළේය.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත සපැමිණි මේජර් ජෙනරල් නිශාන්ත මානගේ වෙත ප්‍රධාන දෙරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ (drive past) ගෞරවාචාරය පුද කළේය. අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට විසින් එතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැති අතර ඒ සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට, 51 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වජිර වෙලගෙදර, 52 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු, ආඥාපති - ඉදිරි නඩත්තු පෙදෙස - උතුර බ්‍රිගේඩියර් ක්ලිෆර්ඩ් ද සොයිසා, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ධම්මික කරුණාපාල, ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් අනුර බණ්ඩාර, බලසේනාධිපතිවරු, බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ (ස්වේච්ඡා) බ්‍රිගේඩියර් ජනිත් බණ්ඩාර, ඒකක අණදෙන නිලධාරීන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
සාකච්ඡාවේදී සෑම හමුදා ආයතනයකම අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඔවුන්ගේ ගැටළු අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික වෙත ඉදිරිපත් කරනු ලැබු අතර, එතුමන් ඊට අදාළව ගතයුතු ක්‍රියාමාර්ග කෙරෙහි සාකච්ඡා කරමින් ඔවුන් වෙත ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් ලබාදුන්හ.
සාකච්ඡාවෙන් අනතුරුව එතුමන් විදත්තල්පලෙයි, බලඇණි පුහුණු පාසල සහ අයියකච්චි 12 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව ඇතුළු යුද්ධ හමුදා කඳවුරු කිහිපයක සංචාරයක නිරත විය.
සංචාරයේ නිමාව සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය විසින් දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත සංකේතාත්මක සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර, භට පිරිස් හමුවීමට සහ බලප්‍රදේශයේ වත්මන් තත්ත්වය සොයා බැලීම වෙනුවෙන් යාපනය වෙත පැමිණීම අගය කළේය. අනතුරුව මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය විශේෂ අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සටහනක් ද තැබීය.