Header

Sri Lanka Army

Defender of the Nation

24th January 2023 19:12:06 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සංචාරයක

4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් කේ.එන්. ඉන්ද්‍රජිත් ගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අනිල් ඉලංගකෝන් පසුගිය සිකුරාදා (20) දින 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සංචාරයක නිරත විය.

කන්කසන්තුරේ, මයිලඩි ප්‍රදේශයේ පිහිටි 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කඳවුරේ ප්‍රධාන දොරටුව වෙත සපැමිණි මේජර් ජෙනරල් අනිල් ඉලංගකෝන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය.

4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරිතුමන් විසින් සිය ඒකකයේ කාර්යභාරය පිළිබඳ සංචාරයේ නිරත මේජර් ජෙනරල් අනිල් ඉලංගකෝන් දැනුවත් කිරීමෙන් අනතුරුව එතුමන් භටපිරිස් ඇමතීය. ඉන් අනතුරුව, සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.

මෙම සංචාරය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායකතුමන් එම කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරන ලදී.