24th January 2023 19:26:05 Hours
පසුගිය දා නව ධූරයේ රාජකාරි කටයුතු භාරගත් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් චන්න වීරසූරිය සිය ප්‍රථම නිල සංචාරය ලෙස පසුගිය සිකුරාදා (21) දින කිරලගොල්ල ප්‍රදේශයේ ස්ථාපිත 4 වන ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරේ ක්ෂේත්‍ර සංචාරයක නිරතවිය.
4 වන ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරේ ප්‍රධාන දොරටුව වෙත සපැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් චන්න වීරසූරිය වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම ඒකකයේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩී.ඩී.ආර්. වීරපුර විසින් එතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරීතුමන් විසින් සංචාරයේ නිරත යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරමින් සිය ඒකකයේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳ දැනුවත් කළේය. පසුව, භටපිරිස් ඇමතූ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි එම ඒකකයේ විනය සහ පුහුණු ක්‍රමවේදයන්හි ගුණාත්මකභාවය උසස් මට්ටමින් පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳ කරුණු අවධාරණය කළේය.
මෙම සංචාරය සනිටුහන් කරමින් 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරීතුමන් විසින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.
එම කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.
මේජර් ජෙනරල් චන්න වීරසූරිය මීට වසර කිහිපයකට ප්‍රථම 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ 12 වන අණදෙන නිලධාරි ධූරය හෙබවීය.
මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.