24th January 2023 19:17:47 Hours
මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පිහිටි 543 වන බලසේනාවේ 12 වන සංවත්සර දිනය වෙනුවෙන් 2023 ජනවාරි මස 18 දින සිට 20 දින දක්වා හමුදා සම්ප්‍රදායානුකූලව, බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ සැමරුම් උත්සවයක් පැවැත්වූ අතර ඊට සමගාමීව ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක කරනු ලැබීය.
සංවත්සර සැමරුම් උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් පසුගිය බදාදා (18) දින එම බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී බෝධි පූජාමය පිංකමක් පැවැත්වීය.
සංවත්සර සැමරුමට සමගාමීව ක්‍රියාත්මක කරනු ලැබූ ප්‍රජා මූලික ව්‍යාපෘතියක් ලෙස 543 වන බලසේනාව යටතේ ස්ථාපිත 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් රෝහල් බලධාරීන්ගේ සහයෝගය මත තලෙයිමන්නාරම ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රයේ ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට රැඳීසිටීම සඳහා ස්ථානයක් ඉදිකරන ලදී. මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සඳහා ‘කූල් මෑන්’ (Cool Man) අයිස් නිෂ්පාදන ආයතනයේ අනුග්‍රාහකත්වය හිමිවිය.
සංවත්සර දිනය යෙදුනු පසුගිය (20) දින 543 වන බලසේනා මූලස්ථානය වෙත සපැමිණි බලසේනාධිපති බ්‍රිගේඩියර් තුෂාර හරස්ගම වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පුදකළහ. ඉන් අනතුරුව, එතුමන් භටපිරිස් අමතා සමූහ ඡායාරූපයකට පෙනීසිටීමෙන් පසුව එම අවස්ථාව සංකතේවත් කරමින් බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.