23rd January 2023 16:20:39 Hours
යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 18 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 452 දෙනෙකු තරඟවැදුණු යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කරාතේ ශූරතා තරඟාවලිය ඉකුත් සිකුරාදා (13) දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා කරාතේ කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේනාවිධායක මේජර් ජෙනරල් අනිල් ඉලංගකෝන් සහභාගී විය.
ජනවාරි මස 10 දින සිට 13 දින දක්වා පැවති මෙම තරඟාවලියේදී ජ්‍යෙෂ්ඨ (කරාතේ කළු සහ දුඹුරු පටිධාරී), කනිෂ්ඨ සහ නවක ඉසව් ඔස්සේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟ වැදිණි. ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර බ්‍රිගේඩියර් ක්ලිෆර්ඩ් ද සොයිසා අවසන් මහා තරඟයට සහ ත්‍යාග ප්‍රධානෝත්සවයට සහභාගී විය.
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයින් පදක්කම් 107ක් ලබා ගනිමින් පිරිමි ශූරතා කුසලානය දිනාගත් අතර ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ක්‍රීඩකයින් පදක්කම් 80ක් ලබාගනිමින් එහි අනුශූරතාව ලබා ගැනීමට සමත් වූහ. මේ අතර, පදක්කම් 95ක් සමඟින් කාන්තා ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සමත් වූ අතර, පදක්කම් 60ක් ලබාගනිමින් අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා සංඥා බලකාය සමත් විය.
පහත නම් සඳහන් ක්‍රීඩකයින් දැක්වූ දස්කම් විශේෂයෙන් ඇගයීමට ලක් විය.
හොඳම ක්‍රීඩකයා - සාමාන්‍ය සෙබල එච්.වී.එච් සෙනරත් - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව
හොඳම ක්‍රීඩිකාව - කාන්තා සෙබල එන්.යූ.ඩී පෙරේරා - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය