Header

Sri Lanka Army

Defender of the Nation

21st January 2023 23:51:39 Hours

කළමනාකරණ සහ නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

කළමනාකරණ සහ නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් දුමින්ද ගුණසිංහ පසුගිය බදාදා (18) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ පැවති චාම් උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදී.

මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන තබමින් බ්‍රිගේඩියර් දුමින්ද ගුණසිංහ නව ධූරයේ රාජකාරි භාරගත් අතර එම අවස්ථාව සඳහා කළමනාකරණ සහ නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ‍.

රාජකාරි භාරගැනීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් දුමින්ද ගුණසිංහ එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් අමතමින් සිය ඉදිරි දැක්ම පිළිබඳ පැහැදිලි කළේය. මීට ප්‍රථම මෙම ධූරය හෙබවූ බ්‍රිගේඩියර් ප‍්‍රශාන්ත විමලසිරි මේ වනවිට යුද්ධ හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් කළමනාකරණ ඒකකයේ රාජකාරි හොබවයි.