Header

Sri Lanka Army

Defender of the Nation

20th January 2023 20:25:54 Hours

ශ්‍රී ලංකා වෛද්‍ය බලකායෙහි 33 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

වේරහැර පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය සිය 33 වන සංවත්සරය අභිමානවත් අයුරින් පසුගිය ඉරිදා (15) දින හමුදා සම්ප්‍රදායානුකූලව, බෞද්ධ ආගමික වතාවත් සහ සමාජ සත්කාරක වැඩ සටහන් මධ්‍යයේ එම බලකායේ බලකාධිපති සහ යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් සමරන ලදී.

සංවත්සර දින වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් මහේන් සල්වතුර විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව එතුමන් වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ සහ සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය පිරිනමන ලදී.

මහා සංඝරත්නය විසින් වෛද්‍ය බලකායේ සියළුම සාමාජිකයන් වෙත ආශිර්වාද එක් කිරීමේ බෞද්ධ ආගමික වතාවත් සඳහා සහභාගි වූ එතුමන් සියළු නිල තේ පැන් සංග්‍රහයකට සහ දිවා භෝජන සංග්‍රහයක් සඳහාද සහභාගී විය.

සංවත්සර උත්සවයට සමගාමීව ජනවාරි මස 03 - 09 දිනයන් අතරතුර වෛද්‍ය බලකායේ භටපිරිස් අතර සුහදත්වය වර්ධනය කිරීම සඳහා ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කරන ලද අතර, මහරගම අපේක්‍ෂා රෝහල වෙත තැඹිලි පරිත්‍යාග කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක්ද සිදුකරනු ලැබූහ.