Header

Sri Lanka Army

Defender of the Nation

16th January 2023 19:30:36 Hours

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයාට වසරේ සම්මාන ප්‍රදානෝත්සවයට ආරාධනා කරයි

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලයේ පැවති වාර්ෂික ක්‍රීඩා උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද සහ ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත වීරසිංහ පසුගිය බ‍්‍රහස්පතින්දා (12) දින සහභාගි විය.

පාසල් පරිශ්‍රය වෙත සපැමිනි මේජර් ජෙනරල් ප්‍රියන්ත වීරසිංහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ විදුහල්පතිතුමන් සහ ගුරුවරුන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, එම විද්‍යාලයේ ශිෂ්‍යභට ඛණ්ඩය විසින් එතුමන් වෙත ගෞරවාචාරය පිරිනමනු ලැබීය.

අනතුරුව පාසලේ පැවති වාර්ෂික ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන්ට කුසලාන සහ ත්‍යාග ප්‍රදානය කිරීම මේජර් ජෙනරාල් ප්‍රියන්ත වීරසිංහ විසින් සිදුකරන ලද අතර, එහිදි එතුමන් පාසල් සිසුන් අමතා ක්‍රීඩාවේ ඇති වැදගත්කම අවධාරණය කරමින් ඔවුන්ව දිරිමත් කළේය.