Header

Sri Lanka Army

Defender of the Nation

13th January 2023 17:00:26 Hours

අභාවප්‍රාප්ත දෙවන ලුතිනන් වයි.එම්.එස්.බී තිලකරත්න ගේ දේහයට යුද්ධ හමුදාධිපතිතුමන් අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත දෙවන ලුතිනන් වයි.එම්.එස්.බී තිලකරත්න ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ඉකුත් බ්‍රහස්පතින්දා (12) දින මැඩිලිගමදී සහභාගී විය.

5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ කණ්ඩායම් භාර නිලධාරි ලෙස කටයුතු කල දෙවන ලුතිනන් වයි.එම්.එස්.බී තිලකරත්න පසුගිය සඳුදා (09) දින ඌව කුඩාඔය කමාන්ඩෝ පුහුණු පාසලේ තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව හදාරමින් සිටියදී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්‍ෂයට පත් වී තිබුණි.

මෙම අවමංගල්‍ය උත්සවය පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ පැවැති අතර, ඒ සඳහා සහභාගී වූ යුද්ධ හමුදා නිලධාරින්, සෙසුනිලයින්, පවුලේ සාමාජිකයින් සහ හිතමිතුරන් විශාල පිරිසක් අභාවප්‍රාප්ත නිලධාරි වෙත සිය අවසන් ගෞරවාචාරය පුද කළහ.