Header

Sri Lanka Army

Defender of the Nation

12th January 2023 19:20:33 Hours

59 වැනි ජාතික ජූඩෝ ශූරතාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

59 වැනි ජාතික ජූඩෝ ශූරතාවලිය නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ජනවාරි 6 වන දින සිට 8 වන දින දක්වා පැවති අතර, එහි පිරිමි සහ කාන්තා යන දෙඅංශයෙහි සමස්ත ශූරතාවය හිමිකර ගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූහ.

ශ්‍රී ලංකා ජූඩෝ සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලිය සඳහා දීප ව්‍යාප්ත ජූඩෝ කණ්ඩායම් 39 ක ක්‍රීඩක ක්‍රිඩිකාවන් 382 ක් සහභාගි වූ අතර, එහි අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට හැකි විය.

තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය ඉරිදා (8) දින පැවැති අතර, එම අවස්ථාවට ශ්‍රී ලංකා ජූඩෝ කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත වීරසිංහ සහභාගී විය.