07th January 2023 22:22:48 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සහ 611 වන බලසේනාවේ සම්බන්ධීකරණයෙන් හේමාස් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්‍ෂිකා ශිරෝමි මාසකෝරාල මහත්මිය විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත කෑගල්ල ශාන්ත මරියා දමිළ විද්‍යාලයේ ඉගෙනුම ලබන අවශ්‍යතා සහිත සිසුන් 50 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ තවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (05) දින එම පාසල් පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ උපදෙස් හා 611 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුජීව එරගොඩ සහ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
අභ්‍යාස පොත්, ලිපි ද්‍රව්‍ය, අනෙකුත් පාසල් උපකරණ සහ සපත්තු හා මේස් ඇතුලත් ත්‍යාග පාර්සල් මෙහිදී බෙදාදෙනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා 611 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුජීව එරගොඩ, පනාගොඩ ‘විරුකැකුළු’ පෙරපාසල භාරකරු වන හිමාලි පුස්සැල්ල මහත්මිය, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, පාසල් බලධාරින් සහ දෙමාපියන් ද සහභාගී වූහ.