Header

Sri Lanka Army

Defender of the Nation

13th November 2022 18:46:56 Hours

අම්පාර සටන් පුහුණු පාසලේ පැවති කනිෂ්ඨ උපදේශක පාඨමාලා අංක - 99 සාර්ථකව අවසන්

අම්පාර සටන් පුහුණු පාසලේ පැවති කනිෂ්ඨ උපදේශක පාඨමාලා අංක - 99 විසිර යෑමේ පෙළපාලිය පසුගිය සෙනසුරාදා (12) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් රුවන් මුනිපුර ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් සහභාගි විය.

යුද්ධ හමුදා භටපිරිස් පුහුණු කිරීමේ සහ උපදේශක හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් පැවැත්වුණු මෙම පාඨමාලාව සඳහා යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් කොමිෂන් නොලත් නිලධාරීන් 74 දෙනෙකු සහභාගී වූහ. මෙම පාඨමාලාව මාස 3 ක කාලයක් පුරාවට පැවැත්විණි.

පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස 10 වන ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ආර්.පී.ඩී.ඒ.එස්.කිත්සිරි සම්මාන දිනාගන්නා ලදී.

මෙම විසිරයෑමේ උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.