10th November 2022 19:30:00 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ භටපිරිස් විසින් ආගමික වැඩසටහන් සඳහා ප්‍රමුඛත්වයක් ලබාදෙමින් පසුගිය දා පැවති දීපවාලී උත්සවයට සමගාමීව 2022 ඔක්තෝබර් මස 22 සහ 23 දෙදින තුළ හින්දු කෝවිල් පරිශ්‍රයන් පහක් තුළ ශ්‍රමදාන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය.
52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනුරුද්ධ ප්‍රනාන්දු ගේ උපදෙස් මත එම සේනාංකයට අයත් 521, 522 සහ 523 වන බලසේනාවන්හී භටපිරිස් විසින් එළුදුමඩ්ඩුවාල් අම්මන් කෝවිල, අච්චුවේලි උලවිකුලම් සිත්තිවිනායගර් කෝවිල, නාවට්කුලි ශ්‍රී කාලිඅම්මන් කෝවිල සහ තොණ්ඩමනාරු සෙල්වසන්දි කෝවිල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමෙන් අනතුරුව කොඩිකාමම් ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන සිවිල් වැසියන් වෙත ආහාර පාර්සල්ද බෙදාදෙන ලදී.
521, 522 සහ 523 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරීන්ගේ උපදෙස් මත 11 වන ක්‍ෂේත්‍ර ඉංජිනේරු බලකාය, 11 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 15 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් දීපාවලි පූජෝත්සවය වෙනුවෙන් ප්‍රජා මූලික වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙම වැඩසටහන සඳහා එම කෝවිල් පරිශ්‍රයන්හී පූජකවරුන් ද එක්වූ අතර, එහිදී භටපිරිස් විසින් මෙම සමාජ සත්කාරක ක්‍රියාවලියන් වෙනුවෙන් සිදුකරන ලද කැපවීම අගයමින් ඔවුන්ගේ ආශීර්වාදය එම භටපිරිස් වෙත ලබා දීමද සිදුකෙරිණි.