Header

Sri Lanka Army

Defender of the Nation

10th November 2022 20:30:00 Hours

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය උපදේශක ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් හී සංචාරයක

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය උපදේශක (කළමනාකරණ) සහ කොන්සල්වරිය වන අන්දිරී රොසේන් (Anderee Rosen) මෙනෙවිය පසුගිය අඟහරුවාදා (9) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් සංචාරයක නිරත වූවාය.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ විසින් සංචාරයේ නිරත අන්දිරී රොසේන් මෙනෙවිය සමඟ සුහද සාකච්ඡාවක නිරත වෙමින් සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් අතර පවතින සහයෝගීතාව යුද්ධ හමුදාවේ ප්‍රජා මූලික ව්‍යාපෘති, ආරක්‍ෂක කටයුතු, සංවර්ධන කටයුතු සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය වැනි කරුණු පිළිබඳ සාකච්ඡා කරනු ලැබීය.

මෙම සුහද හමුවේදී මේජර් ජෙනරල් සංජය වනසිංහ සහ අන්දිරී රොසේන් මෙනෙවිය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. එම අවස්ථාවට ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් ලලිත් වීරකෝන් ද සහභාගී විය.

අන්දිරී රොසේන් මෙනෙවිය පසුගිය සඳුදා (07) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක නිරතවිය.