Header

Sri Lanka Army

Defender of the Nation

10th November 2022 20:57:00 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් වියළි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ සමාජ සත්කාරයකට දායක වෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් විසින් කොළඹ ප්‍රදේශයේ පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රහකත්වය මත පසුගිය සෙනසුරාදා (05) දින කහගල්ල, තේ වතු සමාගමට යාබදව දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 75 ක් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ සමාජ සත්කාරක ක්‍රියාවලියකට දායක විය.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ ඉල්ලීමකට අනුව පරිත්‍යාගශීලි ක්‍රිෂ්ණා ගෝපි මහතා විසින් විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන යටතේ එම ප්‍රදේශයේ වෙසෙන අවශ්‍යතා සහිත පවුල් වෙත රුපියල් 7500.00 ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සලය බැගින් බෙදාදෙන ලදී.

මෙම අවස්ථාව වඩාත් සාර්ථක කරගැනීම සඳහා එම සමාජ සත්කාරක ක්‍රියාවලිය වෙනුවෙන් මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ධානපතියකු වූ ක්‍රිෂ්ණා ගෝපි මහතා ද එක් විය.