Header

Sri Lanka Army

Defender of the Nation

10th November 2022 20:00:00 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් සමන්ත සිල්වා වෙත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම ගෞරවාචාරය පුදකරයි

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා වෙනුවෙන් ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් පසුගිය සඳුදා (7) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම හිදී පැවැත්විණි.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් සමන්ත සිල්වා වෙත එම මූලස්ථානයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.

අනතුරුව, එතුමන් විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ රාජකාරියෙහි නියුතු සියළු භටපිරිස් අමතමින්, තම ධූර කාලය තුළ රාජකාරි සිදුකිරීම සඳහා ලබා දුන් සහයෝගය වෙනුවෙන් සියලුම නිලයන් වෙත සිය කෘතවේදීත්වය පුදකරමින් නුදුරේදී මෙම ධූරයේ රාජකාරි සඳහා පැමිණෙන ජ්‍යෙෂ්ඨ නිළධාරී වෙතද එම සහයෝගය ඒ ආකාරයෙන්ම ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය. එමෙන්ම, යුද්ධ හමුදාවේ කීර්ති නාමය ආරක්‍ෂා කරගනිමින් රාජකාරි සිදුකරන ලෙස වැඩි දුරටත් පැවසීය. අනතුරුව පැවති සියළු නිල තේ පැන් සංග්‍රහයෙන් පසුව මේජර් ජෙනරල් සමන්ත සිල්වා සමූහ ඡායාරූපයකටද එක් විය.

ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සව අවස්ථාව වඩාත් වර්ණවත් විය.