Header

Sri Lanka Army

Defender of the Nation

10th November 2022 19:45:00 Hours

10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ලේ දන්දීමේ සමාජ සත්කාරයකට දායක වෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ 144 බලසේනා බලප්‍රදේශය යටතේ ස්ථාපිත 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 32 වන බලඇණි සංවත්සර දිනය නිමිත්තෙන් එම ඒකකයේ යුද්ධ හමුදා සාමාජිකයින් 75 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අකුරේගොඩ අභිනවරාම විහාරස්ථානයේදී ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (3) දින සිදුකරන ලදී.

10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ නාරාහේන්පිට මධ්‍යම ලේ බැංකුවේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟින් යුද්ධ හමුදා භටපිරිස් විසින් එම විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලාගේද සහයෝගය ඇතිව එම ලේ දන්දීමේ වැඩසටහන පවත්වන ලදී. එහිදී භටපිරිස් විසින් රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ලේ දන්දීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ.

මෙම සමාජ සත්කාරක වැඩසටහන 144 බලසේනාවේ බලසේනාධිපති, එම බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි සහ 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී ඇතුළු පිරිසකගේ දායකත්වයෙන් ඉතාමත් සාර්ථක අයුරින් ක්‍රියාවට නංවා තිබුණි.