Header

Sri Lanka Army

Defender of the Nation

08th November 2022 22:30:04 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස්හී සහයෙන් වැලිකන්ද කඩවත්මඩුව පුරාණ විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම පැවැත්වේ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් වැලිකන්ද කඩවත්මඩුව පුරාණ විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන “කඨිනචීවර පිංකම” සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කිරීමට මහා සංඝරත්නය වෙත සහය දක්වනු ලැබු අතර, මෙම පිංකම් මාලාව නොවැම්බර් මස 1 සිට 6 දින දක්වා පැවැත්විණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ගේ උපදෙස් මත භටපිරිස් විසින් බෝධි පූජා පිංකම, කඨින පෙරහැර සහ අනෙකුත් කටයුතු සුදානම් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය දක්වනු ලැබීය. විහාරාධිපති පූජ්‍ය ඉඩංපිටියේ වජිරාලංකාර හිමිපාණන් වහන්සේ භටපිරිස් වෙත ආශිර්වාද එක් කරමින් ඔවුන් දැක්වූ සහයෝගය ප්‍රශංසාවට ලක් කරන ලදී.

එම පුණ්‍යෝත්සවයට සහභාගි වූ භික්ෂූන් වහන්සේලා උදෙසා දානය පිළිගැන්වීමට සහ සැදැහැවතුන් සඳහා ආහාර බෙදා දීම සඳහා ද භට පිරිස් එක් වූහ.