08th November 2022 22:34:28 Hours
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සෙසු නිලයින් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ වලපනේ, මුන්වත්ත ප්‍රදේශයේ ඉදිකරන ලද තෙවැනි නව නිවස ඉකුත් බදාදා (2) දින පැවැති උත්සවයකදී ප්‍රතිලාභීන් වෙත පවරනු ලැබීය.
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය, ගේ සංකල්පයකට අනුව යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ඒකකය සමඟ එක්ව අදියර පහක් යටතේ සති කිහිපයකට පෙර රෙජිමේන්තුවේ සෙසු නිලයින් සඳහා මෙම නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය දියත් කරන ලදී. මෙම ව්‍යාපෘතිය යටතේම රෙජිමේන්තුවේ භටපිරිස් වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත නිවාස පහෙන් නිවාස දෙකක් මීට පෙර ඉදිකරන ලද අතර, එම නිවාස ප්‍රතිලාභීන් වෙත පවරා දෙන ලදී.
මෙදින යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති වෙනුවෙන් 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උදය හේරත්, මාණ්ඩලික සැරයන්වරයෙකු සඳහා ඉදිකරනු ලැබු නව නිවස විවෘත කිරීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. මෙම ව්‍යාපෘතිය සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ඒකකය සහ 3 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව එක්ව මූල්‍ය ආධාර සපයන ලදී.
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක, බ්‍රිගේඩියර් අනුර අබේසිංහ, 3 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, ලුතිනන් කර්නල් එම්.ටී.පී. මුහන්දිරම්ගේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/මාණ්ඩලික නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම නිවාස විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.