Header

Sri Lanka Army

Defender of the Nation

08th November 2022 22:32:36 Hours

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ දූත පිරිසක් ආරක්‍ෂ සේනා මූලස්ථානය - යාපනය හී සංචාරයක

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය උපදේශිකා කොන්සල් ඇන්ඩරී රෝසේන් මහත්මිය ඇතුළු දූත පිරිසක් ඉකුත් සඳුදා (07) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය හී සුහද සංචාරයක නිරත වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර සිය කාර්යාලය වෙත පැමිණ දූත පිරිස උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව පැවති සුහද හමුවේදී යාපනය ආඥාපතිතුමන් සහ අමුත්තන් අතර සිවිල්-හමුදා සහයෝගීතාවය, සමාජ සුබසාධන ව්‍යාපෘති, ආරක්‍ෂක තත්ත්වය, සංවර්ධන ආධාර සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී.

සුහඳ හමුව අවසානයේ දී එම අවස්ථාවේ වැදගත්කම සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වූ අතර, මෙම සාකච්ඡාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික සහ කර්නල් ප්‍රධාන මාණ්ඩලික යන නිලධාරීන් ද සහභාගී වූහ.