Header

Sri Lanka Army

Defender of the Nation

06th November 2022 14:30:43 Hours

නව යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් අසංක පෙරේරා ඉකුත් සිකුරාදා (4) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි‍ යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස රාජකාරි භාර ගන්නා ලදී.

බ්‍රිගේඩියර් අසංක පෙරේරා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව සංක්තාත්මක නිල ලේඛනයට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.

යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ලෙස රාජකාරි හෙඹවූ බ්‍රිගේඩියර් රසික කුමාරගෙන් පසු බ්‍රිගේඩියර් අසංක පෙරේරා නව අධ්‍යක්‍ෂ ලෙස රාජකාරි කටයුතු භාරගන්නා ලදී. මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් එක්ව සිටියහ.