Header

Sri Lanka Army

Defender of the Nation

04th November 2022 16:19:56 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිරට වසර 19ක් සපිරේ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධනගේ උපදෙස් පරිදි ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර 19 වන සංවත්සරය ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් 2022 ඔක්තෝම්බර් මස 27 සිට 30 දක්වා කාලය තුළ උත්කර්ෂවත් අයුරින් සමරන ලදී.

ඔක්තෝබර් මස 27 වන දින සෝමාවතිය රජ මහා විහාරස්ථානයේ පැවැත් වූ විශේෂ බෝධි පූජා පිංකම සහ කිරි ආහාර පූජාවෙන් අනතුරුව මහා සංඝ රත්නය ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර නිලධාරීන්, භටපිරිස් සහ සිවිල් කාර්ය මණ්ඩලයට ආශිර්වාද එක්කරන ලදී. පසුදින උදෑසන මහා සංඝරත්නය උදෙසා හීල් දානය පිළිගැන්වීමෙන් අනතුරුව අගාමික වතාවත් නිමාවට පත්විය.

සංවත්සර දිනය යෙදි තිබු 2022.10.30 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත් වූහ.

අනතුරුව, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් සුජීව ජයසිංහගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සේවයේ නියුතු සිවිල් සේවක සේවිකාවන් අතර වියළි සලාක පාර්සල් 50ක් බෙදා දෙන ලදී.

සංවත්සර උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු සියලුම නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය වෙනුවෙන් සංගීත සංදර්ශණයක් ද එදින පවත්වන ලදී.