Header

Sri Lanka Army

Defender of the Nation

04th November 2022 16:31:17 Hours

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීට හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද 66 වන සේනාංකයේ සේනාංකාධිපති යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ජානක ප්‍රියදර්ශන වෙත 2022 ඔක්තෝම්බර් 28 දින දඹුලුහල්මිල්ලෑව ප්‍රදේශයේ ස්ථාපිත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව උපහාර පිරිනැමිණි.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ජානක ප්‍රියදර්ශන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අනුර අබේසිංහ රෙජිමේන්තු මන්ත්‍රණ සභා සාමාජිකයින් සමඟ එක්ව පිළිගැනීමෙන් අනතුරුව, භටපිරිස් විසින් එතුමන් වෙත කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී. අනතුරුව රෙජිමේන්තු සරඹ භූමියේදී භටපිරිස් විසින් සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය ද පුදකරනු ලැබූහ. පසුව උත්සව අවස්ථාවේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල දිවාභෝජන සංග්‍රහයක් සඳහා ද මේජර් ජෙනරල් ජානක ප්‍රියදර්ශන සහභාගී විය.