Header

Sri Lanka Army

Defender of the Nation

03rd November 2022 18:51:03 Hours

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ගෞරවාචාර

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු වෙත පසුගිය අඟහරුවාදා (01) දින පනාගොඩ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව උපහාර පිරිනැමිණි.

එහිදී, උසස්වීම් ලද මේජර් ජෙනරල් මංජුල කාරියවසම් සහ මේජර් ජෙනරල් ජනක රණසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙදෙනා වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම රෙජිමේන්තු සරඹ භූමියේදී සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ.

උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත ගෞරවාචාරය පිරිනැමීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් සංජය වනසිංහ, කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.

උසසවීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටිමෙන් අනතුරුව උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.