Header

Sri Lanka Army

Defender of the Nation

03rd November 2022 19:06:47 Hours

සම්පත්නුවර පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමට 621 වන බලසේනාවේ භටපිරිස්හී සහයෝගය

621 වන බලසේනාවේ භටපිරිස් සම්පත්නුවර ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභි පවුල්වල සිසු සිසුවියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් පසුගිය බදාදා (26) දින 5 ශ්‍රේණිය සිසු සිසුවියන් වෙත ආදර්ශ විභාග ප්‍රශ්ණ පත්‍ර කට්ටල බෙදාදෙනු ලැබීය.

62 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 621 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින් සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් සිසු සිසුවියන් වෙත බෙදාදීම සඳහා ප්‍රශ්ණ පත්‍ර කට්ටල මිලදී ගැනීම සඳහා මූල්‍යමය දායකත්වය ලබාදුන්හ.

ඒ අනුව, එම ප්‍රදේශයේ පාසල් 21 ක ඉගෙනුම ලබන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග අපේක්‍ෂකයින් 650 දෙනෙකු වෙත බෙදාදීම සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල සම්පත්නුවර ජාතික පාසල වෙත පරිත්‍යාග කෙරිණි.

62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත සංවිධානය කළ මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා 621 වන බලසේනාවේ බලසේනාධිපති, අණදෙන නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්වූහ.

මෙම පරිත්‍යාග වැඩසටහන සාර්ථකත්වය වෙනුවෙන් 14 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරිතුමන්ගේ සහයෝගය ද හිමිවිය.