Header

Sri Lanka Army

Defender of the Nation

02nd November 2022 21:05:09 Hours

ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙත යුද්ධ හමුදාවෙන් සහන

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ භටපිරිස් විසින් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන දියණියන් දෙදෙනෙකු සහ පුතෙකු ගේ මවක් වන කාන්තාවකගේ ආර්ථික තත්ත්වය ඉහල නැංවීමේ අරමුණින් මහන මැෂිමක් සහ ඇඟළුම් නිෂ්පාදන අලෙවිය සඳහා ස්ථානයක් ද සකස් කර දෙන ලදී.

55 වන සේනාංකයේ භටපිරිස්හී ඉල්ලීමකට අනුව කොළඹ නගරයේ ජීවත් වන පී. සුභද්‍රා මහත්මිය විසින් එම මහන මැෂිම මිලදී ගැනීම සඳහා අනුග්‍රහකත්වය දැක්වීය.

ස්වාමී පුර්ෂයාගේ අභාවයෙන් පසුව මදුරන් නදියා මහත්මිය සිය දියණියන් දෙදෙනා සහ පුත්‍රයා සමඟ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවමින් සිටි අතර, එ් පිළිබඳ දැනුවත් වූ යුද්ධ හමුදා භටපිරිස් ඔවුන්ට උපකාර කිරීමේ අරමුණින් ඔවුන් පිළිබඳව 55 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් දැනුවත් කළහ.

ඒ අනුව, එම පවුලේ ආර්ථික දුෂ්කරතාවයන් මඟහරවාගැනීමට විසදුමක් ලෙස 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න ගේ මූලිකත්වයෙන් ඔක්තෝබර් මස (29) දින එම පවුල වෙත රුපියල් 175,000/= ක පමණ වටිනාකමකින් යුත් මහන මැෂිමක් පරිත්‍යාග කළ අතර ඔවුන්ගේ ඇඟළුම් නිෂ්පාදන අලෙවි කිරීමට ස්ථානයක් ද සකස් කර දෙන ලදී.