02nd November 2022 21:29:40 Hours
12 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ කඹ ඇදීමේ ශූරතා ඉසව්ව ඔක්තෝබර් මස 26 දින සිට 28 දින දක්වා කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.
මෙම ශූරතාවලියේ අවසන් මහා තරගයේදී කිලෝග්‍රෑම් 640 බර පන්තිය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩකයන්ට එරෙහිව 2 – 0 ක් ලෙස ශූරතාව දිනාගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.
එසේම, කිලෝග්‍රෑම් 560 බර පන්තිය නියෝජනය කරමින් යුද්ධ, නාවික සහ ගුවන් හමුදා කාන්තා කණ්ඩායම් තරග වැදුණු ශූරතාවලියේදී නාවික හමුදා ක්‍රීඩිකාවන්ට එරෙහිව 2 – 0 ක් ලෙස ශූරතාව දිනාගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩිකාවන් සමත්වූහ.