Header

Sri Lanka Army

Defender of the Nation

01st November 2022 17:24:15 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් මීගොඩ ධර්මරාජ විද්‍යාලයේ සිසුසිසුවියන් වෙනුවෙන් ‘නායකත්ව’ පුහුණුව වැඩසටහනක්

මීගොඩ ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ සහ ගුරු මණ්ඩලයේ ඉල්ලීමක් මත එම පාසලේ අධ්‍යාපනය ලබන පාසල් ශිෂ්‍ය නායක නායිකාවන් 60 දෙනෙකු සහ 5 ශ්‍රේණියේ සිසුසිසුවියන් වෙනුවෙන් එක් දින‘නායකත්ව’ පුහුණු වැඩසටහනක් 10 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් විසින් ඔක්තෝබර් 29 දින මීගොඩ ධර්මරාජ විද්‍යාල පරිශ්‍රයේදී පවත්වනු ලැබූහ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් නායකත්ව පුහුණු වැඩසටහන් පවත්වනු ලබන අතර, එතුලින් සාර්ථකව අභියෝගවලට මුහුණ දෙමින් සිසුසිසුවියන්ගේ නායකත්ව ගුණාංග සංවර්ධනය කිරීම තුලින් දැනුම, විනය සහ කුසලතා ඉහල නැංවීම අරමුණු කෙරෙ‍යි.

10 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිළධාරී, නිළධාරීන් සහ සෙසුනිලයින්ගේ මගපෙන්වීම සහ අධීක්‍ෂණය යටතේ නායකත්ව පුහුණුව වැඩසටහන පැවැත්වූ අතර, මෙම වැඩසටහන සඳහා ශාරීරික පුහුණු අභ්‍යාස ක්‍රියාකාරකම්, දේශන, සාකච්ඡා සහ අනෙකුත් ප්‍රායෝගික කණ්ඩායම් පුහුණු ක්‍රියාකාරකම්ද ඇතුළත් විය.