31st October 2022 21:09:52 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 වන සේනාංකයේ 211 බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් කඩවත ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික භවතෙකු වන සුනිල් විජේවර්ධන මහතාගේ මූල්‍ය අනුග්‍රහකත්වය ඇතිව මැදවච්චිය ප්‍රදේශයේ ප්‍රාථමික පාසල් හතරක ඉගෙනුම ලබන පාසල් සිසුසිසුවියන් 194 දෙනෙකු වෙත ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය.
පරිත්‍යාගශීලි සුනිල් විජේවර්ධන මහතාගේ මූලිකත්වයෙන් ඔක්තෝබර් 26 දින මැදවච්චිය නගරයේ පිහිටි ජනප්‍රිය අවන්හලක සහයෝගය මෙම වැඩසටහන සඳහා හිමිවූ අතර, එම ආහාර පාන පිළියෙළ කිරීමට යුද්ධ හමුදා භටපිරිස්හි සහායද හිමිවූහ.
ඒ අනුව, අ/කාපිරික්ගම ප්‍රාථමික විද්‍යාලය, අ/කරඹන්කුලම ප්‍රාථමික විද්‍යාලය, අ/ලින්දවැව ප්‍රාථමික විද්‍යාලය සහ අ/කරපික්කඩ ප්‍රාථමික විද්‍යාලය යන විද්‍යාලයන්හි සිසුසිසුවියන් වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස් විසින් ලබාදුන් එම ප්‍රණිත වූ ආහාර වේල ඉතා සතුටින් භුක්ති විදින ලදී. පාසල් වෙත එම ආහාර පාර්සල් ලබාදීමේ අවස්ථාව සඳහා පරිත්‍යාගශී භවතුන්ගේ නියෝජිතයින්, 211 වන බලසේනාවේ බලසේනාධිපති සහ නිලධාරීන් කිහිප දෙනෙකුද එක්ව සිටියහ.