Header

Sri Lanka Army

Defender of the Nation

31st October 2022 21:37:51 Hours

යුද්ධ හමුදා සාමාජිකයාගේ නිර්භීත ක්‍රියාවෙන් රන් මාලය පැහැරගත් කොල්ලකරු අල්ලා ගනී

පාසල නිම වී පැමිණෙමින් සිටි පාසල් ගුරුවරියකගේ රන් මාලය පැහැරගත් කොල්ලකරුවකු පසුපස හබා ගොස් එම කොල්ලකරු අල්ලා ගැනීමේ නිර්භිත ක්‍රියාවක් පසුගිය සිකුරාදා (14) දින නිවාඩු ලබා ආපසු කඳවුර වෙතට පැමිණෙමින් සිටි යුද්ධ හමුදා සෙබලෙකු විසින් මාතර නගරයේදී සිදුකරන ලදී.

කොල්ලකරු විසින් පැහැරගත් රුපියල් 144,000.00 ක් පමණ වටිනාකමකින් යුත් එම රන් මාලය කොල්ලකරු විසින් පාදයෙහි සඟවා ගනු දුටු යුද්ධ හමුදා සෙබලා විසින් වහාම ක්‍රියාත්මකවී රන් මාලය සමගින් කොල්ලකරු අල්ලා ගන්නා ලදී.

ඉන් අනතුරුව, එම කොල්ලකරු ඉදිරි විමර්ශණ කටයුතු සඳහා මාතර පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි. එහිදී, සෙබලගේ එම නිර්භීත ක්‍රියාව පාසල් ගුරුවරිය විසින් අගය කරමින් ඔහුට ස්තූතිය පුදකළේය.