Header

Sri Lanka Army

Defender of the Nation

23rd October 2022 17:35:14 Hours

තරුණ නිලධාරීන් සඳහා පාබල පුහුණු මධ්‍යස්ථානය මගින් පැවැත්වූ පාඨමාලාව සාර්ථකව අවසන්

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය මගින් තරුණ නිලධාරීන් සඳහා පවත්වනු ලැබූ තරුණ නිලධාරී පාඨමාලාව පසුගිය බ්‍රහස්පතින්දා (20) දින පැවති කෙටි උත්සවයකින් අනතුරුව සාර්ථකව අවසන් විය.

පාඨමාලාවේ අවසන් දේශනය මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් සී රණවීර විසින් පවත්වන ලදී. මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයෙහි මසක පමණ කාලයක් පුරා පැවැත්වූ මෙම පාඨමාලාව තරුණ නිලධාරීන් සඳහා වූ සමස්ථ පාඨමාලාවේ එක් අධියරක් ලෙස පවත්වන ලදී.