Header

Sri Lanka Army

Defender of the Nation

23rd October 2022 16:47:35 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුසිසුවියන් සඳහා ‘නායකත්ව පුහුණු’ වැඩමුළුවක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයේ 613 බලසේනාවේ භටපිරිස් විසින් රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුසිසුවියන් 300 දෙනෙකු සඳහා ‘නායකත්ව පුහුණු’ වැඩමුළුවක් එම විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පසුගිය බදාදා (20) පවත්වන ලදී.

61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් රත්නායකගේ උපදෙස් මත ‘නායකත්ව පුහුණු’ වැඩමුළුව පවත්වන ලදී.