Header

Sri Lanka Army

Defender of the Nation

23rd October 2022 16:51:51 Hours

221 බලසේනාවේ භටපිරිස් මූලිකත්වයෙන් ‘මී’ පැළ 1000 රෝපණය කරයි

එම රුක් රෝපණ වැඩසටහන සඳහා දායකත්වය දක්වමින් 221 බලසේනා බලප්‍රදේශය යටතේ ස්ථාපිත 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් මී පැළ 1000 ක් රෝපණය කිරීමට නියමිතව ඇත.

22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාලිය අමුණුගම මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

එම රුක් රෝපණ වැඩසටහන සාර්ථකව සිදුකිරීමට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ගම්වාසීන්ගේද සහයෝගය හිමි වූහ.