Header

Sri Lanka Army

Defender of the Nation

23rd October 2022 16:55:23 Hours

යුද්ධ හමුදා භටපිරිස් විසින් පුදුකුඩිඉරුප්පු සුගන්ධිපුරම් ශ්‍රී රාමර් හින්දු කෝවිලේ ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිකරයි

ආරක්‍ෂක සේනා මූලස්ථා‍නය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ 681 බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් පුදුකුඩිඉරුප්පු සුගන්ධිපුරම් ශ්‍රී රාමර් හින්දු කෝවිලේ ප්‍රධාන පිවිසුම් දොරටුව සහ පැති බැම්ම ඉදිකර එම කෝවිලේ භාරකාරීත්වය වෙත පසුගිය බදාදා (19) දින භාරදෙනු ලැබූහ.

කෝවිලේ ප්‍රධාන පූජකතුමාගේ ඉල්ලීම මත 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් පිවිසුම් දොරටුව සහ පැති බැම්ම ඉදිකිරීමට අවශ්‍ය ශ්‍රමදායකත්වය ලබාදෙනු ලැබූහ. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොහාන් පොන්නම්පෙරුම සහ නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී විය.

මෙම අවස්ථාවට සුගන්ධිපුරම් ගම්වාසීන්, කෝවිලේ බැතිමතුන් සහ යුද්ධ හමුදා භටපිරිස් පිරිසක්ද සහභාගි වූහ.