Header

Sri Lanka Army

Defender of the Nation

23rd October 2022 17:28:59 Hours

551 බලසේනාවේ භටපිරිස්හි මූලිකත්වයෙන් පාසල් පන්ති කාමරයක් ප්‍රතිසංස්කරණය කරයි

එම අවස්ථාව සඳහා 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න, 551 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චින්තක වික්‍රමසිංහ සහභාගී වූහ.

16 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් පන්ති කාමරයෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය ශ්‍රමදායකත්වය ලබාදුන් අතර, එ් සඳහා මුල්‍යමය දායකත්වය සමස්ථ ලංකා ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමියන් විසින් ලබා දුන්හ.

මෙම අවස්ථාව සඳහා වඩමාරච්චි කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ සත්‍යපාලන් මහතා, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.