23rd October 2022 17:32:02 Hours
513 වන බලසේනාව වෙත ලද බුද්ධි තොරතුරක් මත එම බලසේනාවේ යුද්ධ හමුදා බුද්ධි බලකායේ භටපිරිස් සමගින් 16 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් එක්ව කන්කසන්තුරේ - මාදගල් වෙරළ තීරයේ සිට ගොඩබිම දෙසට බෝට්ටුවකින් පසුගිය ඉරිදා (23) දින අලුයම රැගෙන එමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 100 ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.
බ්‍රිගේඩියර් රිස්වි රාසික් ලබාදුන් උපදෙස් මත මෙම මෙහෙයුම සිදුකර ඇති අතර, අත්ඩංගුවට ගත් කේරල ගංජා තොගය සහ බෝට්ටුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත භාරදී ඇත.