Header

Sri Lanka Army

Defender of the Nation

19th October 2022 17:42:14 Hours

51 වන සේනාංකයේ නව සේනාංකාධිපතිතුමන් සිය බලප්‍රදේශයේ ආගමික නායකයින් සහ පරිපාලන නිලධාරින් හමුවෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත කෝපායි ප්‍රදේශයේ පිහිටි 51 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස පසුගිය දා රාජකාරි ආරම්භ කළ මේජර් ජෙනරල් මහේන්ද්‍ර ප්‍රනාන්දු පසුගිය බදාදා (12) දින යාපනය ප්‍රදේශයේ භික්‍ෂූන් වහන්සේලා ප්‍රමුඛ සර්ව ආගමික පූජකවරුන් සහ පරිපාලන නිලධාරින් කිහිපදෙනෙකු හමුවිය.

ඒ අනුව, මේජර් ජෙනරල් මහේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රථමයෙන් යාපනය ශ්‍රී නාග විහාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල නායක හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. ඉන් අනතුරුව, එතුමන් යාපනය රදගුරු ගරු ආචාර්ය ජස්ටින් බී. ඥානප්‍රගාසම් පියතුමන් හමුවිය.

ඉන් අනතුරුව, නල්ලායි තිරුඥාණසම්බන්දර් අදීනම් සංගමයේ ප්‍රධානී ශ්‍රී ලාල් ශ්‍රී සෝමසුන්දර ඥාණසම්බන්ධ පරමාචාර්ය ස්වාමිගල් හමුවිය. ඉන් අනතුරුව, 51 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් යාපනය දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලේ මහේෂන් මහතා සහ යාපනය ප්‍රාදේශීය ලේකම් එස්. සුතාර්සන් මහතා හමුවිය.