Header

Sri Lanka Army

Defender of the Nation

19th October 2022 17:38:02 Hours

යුද්ධ හමුදා සාමාජිකයන්ගේ මූලිකත්වයෙන් ඓතිහාසික තිස්ස රජමහා විහාරස්ථානයේ සම්ප්‍රදායික කඨින පූජා පිංකම පැවැත්වේ

කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස රජමහා විහාරස්ථානයේ සම්ප්‍රදායික කඨින පූජා පිංකම එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගිංතොට නන්දාරාම හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් මස 16 සහ 17 දෙදින තුළ පැවැත්විණි.

මෙම පුණ්‍යෝත්සවය සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ප්‍රමුඛ එම මූලස්ථානයේ භටපිරිස් ද එක්වූහ.

ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු බ්‍රිගේඩියර් ක්ලිෆර්ඩ් සොයිසා ගේ මඟපෙන්වීම මත එම මූලස්ථානය යටතේ ස්ථාපිත සියලුම ඒකකයන්හී සාමාජිකයින් මෙම පුණ්‍යෝත්සවය සාර්ථකව පැවැත්වීම සඳහා දායකත්වය දැක්වූහ.

මෙම පුණ්‍යෝත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් භික්‍ෂූන් වහන්සේලා වෙත හීල් දානය සහ ‘අටපිරිකර’ පූජා කිරීමෙන් අනතුරුව එම විහාරස්ථානයේ විහාරාධිපති අමරපුර ශ්‍රී කල්‍යාණවංශ මහා නිකායේ අනුශාසක පූජ්‍ය අම්බලන්ගොඩ නින්දානේ වජිරඤාණ හිමිපාණන් විසින් කඨිනානිශංස දේශනාව සිදුකරන ලදී.