Header

Sri Lanka Army

Defender of the Nation

19th October 2022 17:44:35 Hours

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ පැවති තරුණ නිලධාරීන්ගේ පාඨමාලා අංක - 67 ‘ඒ’ සාර්ථකව අවසන්

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ පැවති තරුණ නිලධාරීන්ගේ පාඨමාලා අංක - 67 ‘ඒ’ 2022 ඔක්තෝබර් මස 14 දින සාර්ථකව අවසන් විය.

විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් සහභාගී වූ තරුණ නිලධාරින් 83 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරුණ නිලධාරි පාඨමාලාවේ එක් අදියරක් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී දින 45 ක් පුරාවට පැවති අතර මෙම පාඨමාලාවේ අනෙක් අදියරයන් දිවයින පුරා පිහිටි වෙනත් පුහුණු පාසල්වල පැවැත්වීමට නියමිතව ඇත.

පාඨමාලාවේ ප්‍රථම ස්ථානය ලුතිනන් ටී.එම්.සී.එම්.බී. තෙන්නකෝන් විසින් දිනාගන්නා ලදී.

මෙම පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයේදි මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක ගේ සුරතින් පාඨමාලාව හැදෑරු තරුණ නිලධාරින් වෙත සහතිකපත් පිරිනැමිණි. මෙම උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක ඇතුළු උපදේශකවරු සහ නිලධාරීන් පිරිසක් එක්වූහ.