Header

Sri Lanka Army

Defender of the Nation

19th October 2022 15:08:43 Hours

ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර සිය බලප්‍රදේශයේ සංචාරයක

පසුගිය දා ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී. මෙත්තානන්ද ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව ඔක්තෝබර් මස 16 සහ 17 දෙදින තුළ ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර, 23 සහ 22 වන සේනාංක යටතේ ස්ථාපිත ඒකකයන්හී සංචාරයක නිරත විය.

මෙම සංචාරයන් අතරතුර, මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී. මෙත්තානන්ද එම ඒකකයන්හී නිලධාරින් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගනිමින් එම ඒකකයන්හී සැපයුම් හා පාලන කටයුතු පිළිබඳ විමසා බැලූ අතර සෙසුනිලයන් සමඟින් ද සුහදව අදහස් හුවමාරුවක නිරත විය.