Header

Sri Lanka Army

Defender of the Nation

19th October 2022 17:35:16 Hours

6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් දාතුකන්ද ශ්‍රී ජිනේන්ද්‍රාරාම රජමහා විහාරස්ථාන පරිශ්‍රයේ පිච්ච මල් පැළ රෝපණය කරයි

යුද්ධ හමුදා සංවත්සර දිනය සනිටුහන් කරමින් 141 වන බලසේනාව යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් මහා සංඝරත්නයේ ඉල්ලීමකට අනුව අඟහරුවාදා (18) දින කලල්පිටිය, දාතුකන්ද ශ්‍රී ජිනේන්ද්‍රාරාම රජමහා විහාරස්ථාන පරිශ්‍රයේ පිච්ච මල් පැළ 500 ක් රෝපණය කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදුන්හ.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ 14 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් හා 141 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.

එම විහාරස්ථානයේ වැඩවසන භික්‍ෂූන් වහන්සේලා විසින් විහාරස්ථාන පරිශ්‍රයේ සිටුවීමට අවශ්‍ය පිච්ච මල් පැළ ලබාදෙන ලදි.