Header

Sri Lanka Army

Defender of the Nation

18th October 2022 17:28:37 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නව කර්නල් සේනාවිධායක රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 22 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන පසුගිය බ්‍රහස්පතින්දා (13) දින බොරැල්ල ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ පැවති චාම් උත්සවයකදී රාජකාරි ආරම්භ කළේය.

එහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් චමින්ද තිබ්බොටුගේ විසින් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරනු ලැබීය.

පසුව, සියලු නිල තේ පැන් සංග්‍රහයකට එක් වූ නව කර්නල් සේනාවිධායකතුමන් හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් ඇමතුවේය. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ සියලුම මාණ්ඩලික නිලධාරින් සහ අණදෙන නිලධාරින් සමඟ සාකච්ඡාවක් ද පැවැත්විණි.

මේ වනවිට යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු ධූරය ද හොබවනු ලබන මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන දිවයින පුරා මෙහෙයුම්, පාලන සහ මාණ්ඩලික තනතුරු ඇතුළු තවත් ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.