Header

Sri Lanka Army

Defender of the Nation

12th October 2022 14:00:38 Hours

යුද්ධ හමුදා සුබසාධක පහසුකම් පිළිබඳ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සාමාජිකයන් දැනුවත් කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ උපදෙස් මත සුබසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි II මේජර් එම්.කේ.ආර්. බණ්ඩාර ගේ සම්පත් දායකත්වයෙන් ‘යුද්ධ හමුදා සුබසාධන පහසුකම්’ මැයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නිලධාරීන් සහ සෙසුනිලයන් වෙනුවෙන් දේශනයක් පැවැත්විණි.

සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන සුබසාධන අංශය, සුබසාධක සංගම් අරමුදල් අංශය සහ සුවසහන අංශයන්හි කාර්යභාරය සහ එහි ප්‍රතිලාභ පිළිබඳව මෙම දේශනයේදී දැනුවත් කෙරිණි.

මෙම දේශනය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් තුසිත සිල්වා ගේ අධීක්‍ෂණය යටතේ පැවැත්විණි.