Header

Sri Lanka Army

Defender of the Nation

12th October 2022 14:30:38 Hours

නික්මයන 24 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ට එම සේනාංකයේ ගෞරවාචාරය

24 වන සේනාංකයේ සේනාංකාධිපති ධූරය හොබවා නික්ම යන මේජර් ජෙනරල් සාලිය අමුණුගම වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් පසුගිය ඉරිදා (2) දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් සාලිය අමුණුගම වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම මූලස්ථාන සරඹ භූමියේදි හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරයද පුදකරනු ලැබූහ. අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූපයකට එක්වූ මේජර් ජෙනරල් සාලිය අමුණුගම එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ පැවති සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා එක්විය.

ඉන් අනතුරුව, නික්ම යන 24 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත එම සේනාංකයේ සියළු නිලයන් විසින් සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා 24 වන සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, කර්නල් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.