Header

Sri Lanka Army

Defender of the Nation

12th October 2022 14:57:38 Hours

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සිසුන් ගවේෂණාත්මක චාරිකාවක

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ ප්‍රතිත්‍රස්ථ කැලෑබද සටන් පුහුණු පාඨමාලාව සහ තවත් පාඨමාලා කිහිපයක් හදාරනු ලබන සිසුන්ගේ සහභාගීත්වයෙන් බෞද්ධ ග්‍රන්ථයන්හී හා වංශ කතා සාහිත්‍යයන්හි සඳහන් වන පෞරාණික හා ආගමික වටිනාකකම පිළිබඳව ගවේෂණය කිරීමේ අරමුණින් කන්දේගම ධනංජය රජ මහා විහාරස්ථානයේ පසුගිය ඉරිදා (2) දින චාරිකාවක නිරත වූහ.

‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව සිදුකරනු ලබන පුහුණු වැඩසටහන්හි ප්‍රායෝගික ක්‍රියාකාරකමක් ලෙස මෙම ගවේෂණාත්මක චාරිකාව සංවිධානය කෙරිනි. මේ සඳහා විදේශීය සිසුන් ඇතුළු නිලධාරීන් 116 දෙනෙක්, උපදේශකවරුන් 7 දෙනෙක් සහ සෙසුනිලයන් 100 කට අධික පිරිසක් එක්ව සිටියහ.