12th October 2022 11:00:04 Hours
59 වන සේනාංකයේ සේනාංකාධිපති ධූරය හොබවා නික්ම යන මේජර් ජෙනරල් ජී.ඩී සූරියබණ්ඩාර වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (4) දින 59 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
59 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ජී.ඩී සූරියබණ්ඩාර වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම මූලස්ථාන සරඹ භූමියේදි හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පුදකරනු ලැබූහ.
ඉන් අනතුරුව, 59 වන සේනාංකයේ භටපිරිස් අමතමින් මේජර් ජෙනරල් ජී.ඩී සූරියබණ්ඩාර සිය ධූර කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලුම නිලයන් වෙත ස්තූතිය පුදකළ අතර, යුද්ධ හමුදාවේ කීර්තිනාමය ආරක්‍ෂා කරගනිමින් තම රාජකාරි නිසි අයුරින් ඉටුකරන ලෙසත්, නුදුරේදී මෙම ධූරයෙහි රාජකාරි අරඹන නව සේනාංකාධිපතිතුමන් වෙත උපරිම සහයෝගය ලබාදෙන ලෙසත් ප්‍රකාශ කර සිටියේය. පසුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූපයකට එක්වූ මේජර් ජෙනරල් ජී.ඩී සූරියබණ්ඩාර උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ පැවති තේ පැන් සංග්‍රහයක් සඳහා ද එක්විය.
ඉන් අනතුරුව, නික්ම යන 59 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත එම සේනාංකයේ සියළු නිලයන් විසින් සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා 59 වන සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.