Header

Sri Lanka Army

Defender of the Nation

12th October 2022 11:30:04 Hours

24 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

අම්පාර, මල්වත්ත ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංක මූලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් වජිර වෙලගෙදර පසුගිය සඳුදා (03) දින එම සේනාංක මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කරන ලදී.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් වජිර වෙලගෙදර එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. ඉන් අනතුරුව, මේජර් ජෙනරල් වජිර වෙලගෙදර සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

අනතුරුව, සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා එක්වූ එතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් පසු භටපිරිස් ඇමතුවේය. මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් සහ කර්නල් පාලන සහ භඨකාර්ය සම්පාදන, සේනාංක මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරින්, ඒකක අණදෙන නිලධාරීන් සහ සේනාංක මූලස්ථානය යටතේ ස්ථාපිත ඒකකයන්හී භටපිරිස් පිරිසක් ද එක්වූහ.

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි කටයුතු හෙබවූ මේජර් ජෙනරල් සාලිය අමුණුගම 22 වන සේනාංකයේ සේනාංකාධිපති ධූරය සඳහා පත්කෙරිණි.